රටේ වත්මන් නායකත්වයට සැලසුම්සහගතව පහරදෙමින් එම පාලනය බිඳදැමීමේ උත්සාහයක් ක්‍රියාත්මකවීම කණගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.
පොළොන්නරුව ගල් විහාරයේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ උන් වහන්සේ,
“ජනතාව ජාතික නායකත්වයක් ගොඩනඟාගත් අවස්ථාවේදී එය කඩා දැමීමට හතරවටෙන් පහරදෙමින් සිටින පරිසරයක් අපට පේනවා. සිදුවෙන යහපත් පැත්ත අමතකකර එම කටයුතු සිදුවෙනවා. අපි ඒ ගැන කණගාටු වෙනවා.
වෙන කිසිවක් නොව රජු, රාජ්‍ය පාලනය දැහැමි විය යුතුයි. අපිට පේනවා අහවලා මීලඟ නායකත්වයට සුදුසුයි කියලා දැන්ම තෝරනවා. පුද්ගලයෙක් වැට්ටුවා වගේ නෙවෙයි පුද්ගලයාගේ ප්‍රතිපත්තිය වැට්ටුවොත් ඒක රටට විශාල හානියක්”