Home Hit සහරාන් ඊශ්‍රායල් බුද්ධි සේවාවේ ඒජන්තයෙක් – මහ මොළකරු තාම හඳුනාගෙන නැහැ

සහරාන් ඊශ්‍රායල් බුද්ධි සේවාවේ ඒජන්තයෙක් – මහ මොළකරු තාම හඳුනාගෙන නැහැ

347
0

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් නවුෆර් මවුලවි නමැත්තාව හඳුනාගෙන ඇතැයි අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළත් නවුෆර් මවුලවි යනු මෙම ප්‍රහාරයේ තිර රචකයා පමණක් බවත් මෙහි නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරුන් තවමත් එළියේ සිටින බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

රවුෆ් හකීම් මහතා මේ බව පැවසුවේ ප්‍රාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී ඊයේ (07) අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමන් කියනවා නවුෆර් මවුලවි මහ මොළකරුවා වශයෙන් හඳුනාගෙන ඉවරයි කියලා. මේ මහ මොළකරු තාම හඳුනාගෙන නැහැ. මේ තැනැත්තා තිර රචකයා වෙන්න පුළුවන්, ප්‍රධාන නළුවා සහරාන් වෙන්න පුළුවන්. සාරා කියන නිළිය අතුරුදන් වෙලා. ඒ අතරතුරදී නිෂ්පාදකයා කවුද කියන එකයි ප්‍රශ්නෙ.

සහරාන් ඊශ්‍රායල් බුද්ධි සේවාවේ ඒජන්තයෙක්, ඊශ්‍රායල බුද්ධි සේවාව මේ පසුපස සිටියාදෝ කියන සැකය මතුවෙනවා කියන එකත් මං කියා සිටිය යුතුයි. එතකොට අපේ බුද්ධි අංශයෙන් ප්‍රශ්න කරනවා මේ අබු හින්ද් කියන තැනැත්තාගෙන්. එතනින් එහාට ඉන්දියාවෙන් ඔත්තු ලබාදීමේදී අහනවා ටෙලිෆෝන් එකට සවන් දීමෙන් ගත්ත කාරණාවක්ද මේක කියලා. එතකොට කියනවා නෝ ඉට්ස් අ ලයිව් සෝස්. ඒ කියන්නෙ මේ කල්ලිය තුළ ඉඳපු කෙනෙකුගෙන් තමයි මේ කාරණා ලබාගත්තෙ කියලා. මේ කාරණා සොයාබැලීමට ඇයි අපොහොසත් වුණේ කියන එක අපට ප්‍රහේලිකාවක්.

මේ ප්‍රහාරයකයින් කීපදෙනෙක් හුරතල් කරලා තියෙනවා අපෙ බුද්ධි අංශ. අහමඩ් ලෙබ්බෙ මොහොමඩ් නියාස්, සයින්දමර්දු වල මැරුණු. කවුද අවි පුහුණුව දුන්නෙ හයාද් මොහොමඩ් අහමදු මිල්හාන්. දැන් අත් අඩංගුවෙ ඉන්න කෙනෙක්. සීඅයිඩීයෙ අය මේ ආමි මොහිදීන්ව තමන්ගෙ තොරතුරු දෙන්නා බවට පත්කර ගන්නවා මිසක් අත් අඩංගුවට ගන්නෙ නෑ. අන්තිමට බලනකොට ඒ ආමි මොහිදීනුත් මේකට සම්බන්ධයි. ඊශ්‍රායල බුද්ධි සේවාව ගැනත් අබු හින්ද් කියන තැනැත්තා ගැනත් දැන් සොයා බැලිය යුතුයි. දැන් මහමොළකරු අහවලා කියලාත් ඉවරයි. නමුත් නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරන අය පිටස්තරව ඉන්නවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here