රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්ගේ නිවසෙහි ජල බිල්පත් හිඟය රුපියල් ලක්ෂ 06කට අධික බව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ මධ්‍යම ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, පසුගිය කොරෝනා වසංගත රෝග සමයේ සිට මේ වසරේ පෙබරවාරි මස දක්වා රුපියල් මිලියන 341 ට අධික හිඟ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් දැඩි ගැටලු රැසක් උද්ගතව ඇති බවත්, මධ්‍යම පළාතේ ආරක්ෂක අංශ රුපියල් ලක්ෂ 38 ක්, මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන රුපියල් මිලියන 11 ක් සහ මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ රුපියල් මිලියන 35 ක් ද වශයෙන් හිඟ ජල බිල්පත් ඒ අතර පවතින බවද වාර්තා වන බව ‘අරුණ‘ වෙබ් අඩවිය වාර්තා කරනවා
එම ජල බිල්පත් හිඟ මුදල් කඩිනමින් ගෙවන ලෙස අදාළ අංශ හා පුද්ගලයන් වෙත කීප වරක්ම දැනුවත් කළද මේ දක්වාම එම ගෙවීම් නිසි ආකාරව සිදු නොවන බවද ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ ආකාරයෙන් මෙම මුදල් ගෙවීම් පැහැර හැරියද පසුගිය කොරෝනා සමයේ සිට මේ දක්වා සාමාන්‍ය ජනතාවගේ ජල බිල්පත් හිඟ මුදල් 85% ක් පමණ ගෙවා ඇති බවද එම මණ්ඩලය කියයි.