Home Hit රජය පළාත් සභා මැතිවරණය තියනවා නම් මට විරුද්ධ වෙන්න බෑ

රජය පළාත් සභා මැතිවරණය තියනවා නම් මට විරුද්ධ වෙන්න බෑ

518
0

පළාත් සභා ක්‍රමයට තමන් එදා සිටම විරුද්ධ නමුත් රජයක් වශයෙන් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් තමන්ට ඊට එරෙහි විය නොහැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මගේ ස්ථාවරය පළාත් සභාවලට මම එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. ඒ මගේ පුද්ගලික මතය. නමුත් පළාත් සභා තියනවා නම් ඒක රජය විසින් කරන එකක්, ඉතිං රජයක් විසින් කරන දේවල්වලට තනි පුද්ගලයෙක්ට විරුද්ධ වෙන්න බෑ.

නමුත් මගේ ස්ථාවරය එදත් එහෙමයි, මොකද පළාත් සභා කියන එක අවශ්‍ය වෙන්නෙ නෑ කියන තැන තමයි මම ඉන්නෙ. එක රටක් එක නීතියක් නම් පළාත් නවයෙ නීති නවයක් තියෙන්න බෑ. ඒක මගේ පෞද්ගලික මතය. නමුත් පෞද්ගලික මතය කෙසේ නමුත් අපි සාමුහිකව ගන්න ඕනෙ තීරණ තියෙනවා. ඉතිං ඒක නිසා එතනදි අපි බලමු. නමුත් මේක කවදා කොයි ආකාරයෙන් වෙයිද කියන එක ගැන තවම තීරණයක් අරගෙන නෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here