අද උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේ පැවතී උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදීමක් සිදුකර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන කොටුව පොලීසිය මෙම විරෝධතාවට එක්වසිටි පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
උන්වහන්සේව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්,
