Home Hit උත්සව සමය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතුයි

උත්සව සමය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතුයි

91
0

ඕනෑම අවස්ථාවක කොවිඩ් රෝගී පොකුරු ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ අද (07) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනතාව විශාල වශයෙන් ඒකරාශී වන ස්ථාන,මීටරයක දුරස්ථභාවය තබාගැනීමට නොහැකි ස්ථාන තුළින් රෝගය පැතිරීමේ අවධානම වැඩි බවයි සමරවීර මහතා සඳහන් කරන්නේ.

එම නිසා මෙම උත්සව සමය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බව සමරවීර මහතා අවධාරණය කරයි.

එමෙන්ම සයිනෝෆාම් එන්නත ගැනද තොරතුරු විශේෂඥ කණ්ඩායම වෙත ලැබී තිබෙන නමුත් තවදුරටත් දත්ත ප්‍රමාණයක් අවශ්‍ය බව එම විශේෂඥ කණ්ඩායම පවසා ඇති බවද ඔහු කියා සිටියි. එම තොරතුරු විශ්ලේෂණයෙන් පසු ඊට අනුමැතිය දිය හැකි බවත් එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියද ඊට හිමිවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here