Home Hit මම වත් ලෝක විවාහක රූ රැජිණවත් අත්අඩංගුවට පත් උනේ නෑ ; චූලා...

මම වත් ලෝක විවාහක රූ රැජිණවත් අත්අඩංගුවට පත් උනේ නෑ ; චූලා කියයි

575
0

තමාවත් ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරිවත් පොලිස් අත්අඩංගුවට පත් නොවූ බව නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර පවසනවා.

විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබූ අතර එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10 යි 30ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව අදහස් දක්වමින් ඇය පවසන්නේ එහිදී නඩු මාර්ගයට පිවිසීමට එකඟ වීමක් පමණක් සිදුවූ බවත් තමන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත් වීමක් සිදු නොවූ බවත් තමන් දිගින් දිගටම සාධාරණය වෙනුවෙන් පෙනී සිටින බවත් ‍ය.

ඇය එසේ පැවසුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටින්නේ ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර දෙදෙනා කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. පසුව බැඳුම්කරයකට අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම අත් අඩංගුවට ගැනීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරුයි මේ.

www.aljazeera.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here