Home Hit අලුත් අවුරුදු සමයේ කුකුළු මස් මිල රු.800 දක්වා ඉහළ යන ලකුණු

අලුත් අවුරුදු සමයේ කුකුළු මස් මිල රු.800 දක්වා ඉහළ යන ලකුණු

157
0

මහාපරිමාණ කුකුළුගොවිපල හිමියන් විසින් කුකුළු මස් මිල ඉහළ දමා ඇති නිසා, තමන්ට ද කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 800 දක්වා ඉහළ දැමීමට සිදුවන බව කුකුළුමස් අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

මේ වන විට, තොග වෙළෙන්දන් විසින් කුකුළුමස් අලෙවිකරනු ලබන්නේ කිලෝවක් රුපියල් 700 ක මිලට බව පැවසේ.

කුකුළුමස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 550 ක් ලෙස නියමකර තිබුණි. නමුත් එම මිලට කුකුළුමස් අලෙවිකළ නොහැකි බවයි කුකුළුමස් අලෙවිකරුවන් පවසන්නේ.

උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කළ ද මේ දක්වා තමන්ට විසදුමක් නොලැබුණු බව ඔවුන් පවසයි. ඒ අනුව, එළැඹෙන උත්සව සමය තුළ කුකුළුමස් අලෙවිසැල් වසා දැමීමට සිදුවන බව කුකුළුමස් අලෙවිකරුවන්ගේ සංගමය අනතුරු හගවා තිබේ.

මේ හේතුව නිසා ඊයේ දිනයේ කොළඹ කුකුල් මස් වෙළඳසල් වසා දැමීමට එම ව්‍යාපාරිකයින් කටයුතු කර තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here