Home Hit කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රට ඇප

කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රට ඇප

307
0

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර දෙදෙනා, බැඳුම්කරයකට අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ලබන 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ.

විවාහක රූ රැජිණ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළා.

ඒ, පසුගිය 6 වැනිදා යි.

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා අද (08) දෙපාර්ශවයටම පෙරවරු 10 යි 30ට කුරුඳුවත්ත පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.

කුරුඳුවත්ත පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව, සාපරාධී බලහත්කාරකම් සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සහ සුපිරි නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට ගෙන තිබුණා


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here