Home Hit ‘නම ගැසට් වුණු ගමන් මම දිවුරුම් දෙනවා’ – අජිත් මාන්නප්පෙරුම

‘නම ගැසට් වුණු ගමන් මම දිවුරුම් දෙනවා’ – අජිත් මාන්නප්පෙරුම

552
0

තම නම මැතිවරණ කොමිෂන් සභාව මගින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට තමා සූදානම් බව සමගි ජනබලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම පවසනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පිළිබඳ ‘අරුණ’ පුවත්පත කරන ලද විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.

අධිකරණ නියෝගයන්ට අනුකූලව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ නිවේදනය කළේය

පසුගිය වසරේ අගෝස්තු 5 වැනිදා පැවති මහමැතිවරණයේ දී සමගි ජන බලවේගය පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලැබුණු මන්ත්‍රීධුර සංඛ්‍යාව 4කි

එම පක්ෂයෙන් තරග කළ අජිත් මාන්නප්පෙරුම මහා මනාප ඡන්ද 47212ක් ලබා ගනිමින් ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ රන්ජන් රාමනායකට මන්ත්‍රි ධුරය අහිමි වීමත් සමග සමගි ජනබලවේගය ලැයිස්තුවේ ඊළඟට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සුදුසුකම් ලබා ඇත්තේ අජිත් මාන්නප්පෙරුම වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here