එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද ඇතුලු අංශ කිහිපයක පරිපාලන කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.
එසේ ඉවත් කර එම බද්ද මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් වෙත පැවරීමට රජය කටයුතු කරමින් සිටින බව දේශීය ආදායම් සේවා සංගමය පවසනවා.
එහි සම ලේකම් එච්.ඒ.එල් උදයසිරි මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.