Home Hit සෑම පැය 17 කට වරක්ම බිලියනපතියෙක් ! – නවතම ධනපතින්ගේ ලැයිස්තුව මෙන්න

සෑම පැය 17 කට වරක්ම බිලියනපතියෙක් ! – නවතම ධනපතින්ගේ ලැයිස්තුව මෙන්න

417
0

ෆෝබ්ස් සඟරාවේ 35 වන වාර්ෂික ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ සිටින ප්‍රකෝටිපතියන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස 2,755 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 660ක වැඩිවීමකි. ඒ අතරින් 493 දෙනෙකුම ලැයිස්තුවට අළුත් පුද්ගලයින් වේ. එනම්, දළ වශයෙන් සෑම පැය 17 කට වරක් බිලියනපතියෙක් බිහිව ඇති බවට කිව හැකිය. චීනය හා හොංකොං වෙතින් බිලියනපතියන් 210 ක් ද මීට අයත්වේ. මේ අතුරින් 86% දෙනෙක් පසුගිය වසරට වඩා තවත් ධනවත්ව ඇත.

ඩොලර් බිලියන 177 ක වත්කම් සමඟින් සිව්වන වසර සඳහාත් ලොව ධනවත්ම තැනැත්තා ලෙස ජෙෆ් බෙසෝස් පත්ව සිටින අතර ටෙස්ලා සහ ඇමේසන් කොටස් ඉහළ යාමත් සමඟ එලොන් මස්ක් ඩොලර් බිලියන 151 ක වත්කම්ද සමඟින් දෙවන ස්ථානයට පත්විය. මෙම බිලියනපතියන්ගේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 13.1 ක් වන අතර එය 2020 දී ඩොලර් ට්‍රිලියන 8 ක් විය.

වැඩිපුරම බිලියනපතියන් පිරිසක් තවමත් සිටින්නේ එක්සත් ජනපදය සතුව වන අතර එය 724කි. චීනය සතුව (හොංකොං සහ මැකාවෝ ද ඇතුළුව) බිලියනපතියන් 698 ක් සිටියි.

එම බිලියනපතියන්ගේ ලැයිස්තුව මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here