Home Hit ඊයේ නිකුත් කළ පාම් ඔයිල් ගැසට්ටුව වෙනස් විය හැකියි – කෙහෙළිය

ඊයේ නිකුත් කළ පාම් ඔයිල් ගැසට්ටුව වෙනස් විය හැකියි – කෙහෙළිය

2014
0

පාම් ඔයිල් ආයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ වෙනස්කමක් සිදු කිරීමට ඉඩ ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට පොල්තෙල් භාවිතයට මිනිසුන් තුළ බියක් හටගෙන ඇති අවස්ථාවක මෙලෙස ගැසට් පත්‍රයක් නිකුත් කිරීම තුළ දේශීය පොල්තෙල් මිල රුපියල් 1000ක් වැනි මිලකට ඉහළ යාමට ඉඩ ඇති බවට සඳහන් කරමින් මාධ්‍යවේදියකු යොමුකළ පැනයකට පිලතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් ඇති බවත් මේ වන විටත් එය වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එහි යම් යම් වෙනස්කම් සිදු කිරීමට ඉඩ තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here