Home Coronavirus 2020 රුසියානු එන්නත ගත් ආර්ජන්ටිනාවේ ජනපතිට කොරෝනා

රුසියානු එන්නත ගත් ආර්ජන්ටිනාවේ ජනපතිට කොරෝනා

156
0

සමස්ත ආර්ජන්ටිනාවටම ආදර්ශයක් සැපයීම පිණිස හමන් ප්‍රථමව රුසියාවෙන් ආනයනය කළ ‘ස්පුට්නික් V‘ එන්නත ලබාගත් ආර්ජන්ටිනා ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් හට කොරෝනා ආසාදනය වී ඇති බව පැවසේ.

ගතවූ සති අන්තයේදී PCR පරීක්ෂණයකට අමතරව ඇන්ටිජන් පරීක්ෂාවකට ද ජනපතිවරයා මුහුණ දුන් අතර එහිදී ඔහු ආසාදිතයෙක් බව තහවුරු විය.

62 හැවිරිදි ජනපති ඇල්බර්ටෝගේ සෞඛ්‍ය තත්වය ස්ථාවර යැයි රජය කියයි.

රුසියාවේ නිෂ්පාදිත Sputnik V වැක්සිනය ලබාගත් ප්‍රථම ලතින් ඇමරිකානු රට ආර්ජන්ටිනාවයි. ආර්ජන්ටිනාවේ ජනගහනයෙන් 1.5%ක් දැනටමත් එන්නත්කරණයට ලක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here