Home Hit රන්ජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?

රන්ජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?

154
0

තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමට රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත වේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම දින තුනක් සලකා බලනු ලැබුවා.

රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම වූ  තීන්දුව ප්‍රකාශයට පත් වී අප්‍රේල් මස 8 වන දා වන විට මාස තුනක කාලයක් සම්පූර්ණ වන හෙයින් ඊට පෙර මෙම තීන්දුව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here