Home Hit ‍රන්ජන් ඇතුළේ සිටිය යුතු මිනිසෙක් නෙවෙයි..! – දුලීකා මාරපනගෙන් සැර ප්‍රකාශයක්

‍රන්ජන් ඇතුළේ සිටිය යුතු මිනිසෙක් නෙවෙයි..! – දුලීකා මාරපනගෙන් සැර ප්‍රකාශයක්

1323
0

රන්ජන් රාමනායක යනු ‘ඇතුලේ සිටිය යුතු මිනිසෙක් නොව එළියේ සිටිය යුතු මිනිසෙක්’ බවට ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය පවසනවා.

යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් ඇය පවසන්නේ රංජන් රාමනායක යනු ඉතාමත් නිරහංකාර පුද්ගලයෙකු බවත් ඔහුගේ පක්ෂය කුමක් වුවද පුද්ගලයෙකු වශයෙන් අදහස් දැක්වීමේදී ඔහුට මේ අවස්තාවේදී විශාල අසාධාරණයක් වී ඇති බව පැවසීමට සිදුව ඇති බවත් ය.

” දැන් කියනවනේ මේ රට ඇතුලේ අපිට ඕනම දෙයක් ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා කියලා. ඒ කියන්නේ දෙයක් විවේචනය කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් කියලා. ඒත් මට හිතෙන්නේ අපිට කට වහගෙන ඉන්න සිද්ධවෙලා කියලා. ඒකට මම විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිව්වට ඒක මේ රටේ තියෙනවද කියන ප්‍රශ්නය මට තියෙනවා. මම නම් කට වහගෙන ඉන්න සූදානම් නෑ කොහෙත්ම. නමුත් කට වහනවා. කට ඇරියොත් යම් පිරිසක් විසින් කට වහනවා. මර්දනය කරනවා සහ ඒක අපි දකිනවා. ඒක නෙවෙයි අපි බලාපොරොත්තු උනේ මේ රටේ.” යැයි ඇය පවසයි.

‍රන්ජන් රාමනායක මහතාගේ පුද්ගලික ජීවිතය මීට අදාල නොවන බවත් රන්ජන් රාමනායක යනු ‘ඇතුලේ සිටිය යුතු මිනිසෙක් නොව එළියේ සිටිය යුතු මිනිසෙක්’ බවත් ඔහු සිටිය යුත්තේ මිනිසුන් සමඟ බවත් ඇය අවධාරණය කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here