Home Hit හොරු අල්ලන්න කියපු මාව අල්ලලා ඇතුළට දැම්මා

හොරු අල්ලන්න කියපු මාව අල්ලලා ඇතුළට දැම්මා

289
0

බරපතල වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (09) ශ්‍රී ලංකා පුවත්පත් කවුන්සිලය වෙත රැගෙන එන ලදි.

ඒ බන්ධනාගාර නිළධාරීන් රැසකගේ ආරක්ෂාව යටතේයි.

වෙනදා බන්ධනාගාර නිළධාරී‍ගේ බාධ මැද මාධ්‍ය වෙත මිනිත්තු කිහිපයක‍ හෝ ප්‍රකාශයක් ලබාදීමට අවස්ථාව ලැබුණද අද ඔහුට බන්ධනාගාර නිළධාරීන්ගෙන් ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබිණි.

ඉතා ඉක්මනින් ඔහු බන්ධනාගාර බස් රථයේ සිට පුවත්පත් කවුන්සිලය තුළට රැගෙන ගිය අතර ඒ අතර ඔහු ප්‍රකාශ කළේ හොරු අල්ලන්නැයි කියූ තමන් අල්ලා සිරගෙදරට දැමූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here