කොරෝනාවෛරසය වැළඳී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය සඳහා කිලිනොච්චිය ඉරණතිව් දූපත තෝරා ගැනීමේ තීරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
කොරෝනාවෛරසය වැළඳී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා කිලිනොච්චිය, ඉරණතිව් දූපත තෝරාගත් බවට ඊයේ (2) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ දැනුම්දීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
මෙම තීරණය මගින් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබූ ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සාහ ගෙන ඇති බව ද ඔහු සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත.
එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දූපත හඳුන්වා දී ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා රජයේ මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබේ.