වේල්ලවීදිය පොලිස් වසමෙන් හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බුත්තල පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
සැකකරු නිවාඩු ලබා සිටි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.
මියගොස් ඇති තරුණිය කුරුවිට ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියක බවටද හෙළිකරගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා පසුගිය 28 වනදා රාත්‍රියේ හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට යන අයුරුත් පසුදින පෙරවරුවේ සැකකරු පමණක් ඉන් පිටතට පැමිණෙන අයුරුත් CCTV දර්ශන මගින් නිරීක්ෂණය කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ බවට සැක වයස අවුරුදු 52ක් වන සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
සිරුර, බඩල්කුඹුරේ ඔහුගේ නිවස ආසන්න කැලෑ ප්‍රදේශයකින් සොයා ගෙන තිබෙනවා.