කිලිනොච්චි, ඉරණතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඉරණතිව් දූපතේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.
මන්නාරම් බොක්කෙහි ඉරණතිව් දූපත සොහොන් බිමක් බවට පත් කිරීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් රජයෙන් ඉල්ලා සිටිනවා.
කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට වෙන් කරන ලද ඉඩමෙහි නාවික හමුදාව විසින් හාරා තිබූ සොහොන් බිම් ප්‍රදේශවාසීන් විසින් වසා දමා ඇති බව වාර්තා වේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා ඊයේ(02) ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපතේ ඉඩම් කොටසක් වෙන් කර ඇති බවයි.