Home Hit එළි දක්වා ඇත්තේ පාස්කු කොමිසමේ සැබෑ වාර්තාව නෙමෙයි – SJB

එළි දක්වා ඇත්තේ පාස්කු කොමිසමේ සැබෑ වාර්තාව නෙමෙයි – SJB

162
0

එළි දක්වා ඇත්තේ පාස්කු කොමිසමේ සැබෑ වාර්තාව නොවන බවත් රජයට සම්බන්ධ බලගතු පුද්ගලයෙකු මෙම වාර්තාව නැවත සකස්කර ඇති බවට ජනතාව අතර කසුකුසුවක් ඇති බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව බලය අල්ලා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය පාලමක් කර ගත් බව එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළ බව මව්බිම වාර්තා කරනවා

එමෙන් ම, අදාළ කොමිසම අධිකරණයට බලපෑම් කර ඇති ආකාරය සහ අධිකරණයට අගෞරව කර ඇති ආකාරය පිළිබඳ සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්සන් කරන ලද ලිපියක් අගවිනිසුරු වෙත ලබා දෙන බව ද මන්ත්‍රීවරයා පවසයි.

සහරාන්ගේ කුමන්ත්‍රණය පිටුපස සිටියේ කවුරුන් ද? යන වග හෙළි නොකරන්නේ ඇයි ද? යන්න ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා පවසන්නේ, සැබෑ වරදකරුවන් සෙවීමට ආණ්ඩුව පසු බැස ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.

“සහරාන් කියන්නේ 2015ට ඉස්සෙල්ලා එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් ඉද්දී ආරක්ෂක අමාත්‍යංශයෙන් පඩි ලබපු ආරක්ෂක අමාත්‍යංශයට ඔත්තු සපයපු පුද්ගලයෙක්. බෝම්බ සිද්ධිය නාටකයක් කියලා හිතෙනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු ඩී.අයි.ජී. නාලක සිල්වාත් මේ පරීක්ෂණ කරපු ශානි අබේසේකර පොලිස් අධිකාරීවරයාත් සී.අයි.ඩී. එකේ දෙන්න ම අත්අඩංගුවට අරන්. ඇයි මෙහෙම කරන්නේ. සහරාන්ගේ පවුලේ එක ම එක්කෙනා තමයි බේරුණේ, සාරා කියන කාන්තාව. අද එයා රටින් පිටට පැනලා, ඇයි ගෙන්න ගන්න කටයුතු කරන්නේ නැත්තේ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here