Home Hit ජමාල් කෂෝගිගේ ඝාතනය, සෞදි කුමරු අනුමත කළ බව ඇමරිකාව පවසයි

ජමාල් කෂෝගිගේ ඝාතනය, සෞදි කුමරු අනුමත කළ බව ඇමරිකාව පවසයි

198
0

2018 වසරේදී සෞදි මාධ්‍යවේදියෙකු වන ජමාල් කශෝගි ඝාතනය කිරීමට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අනුමත කළ බව එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් සොයාගෙන තිබේ.

බයිඩන් පරිපාලනය විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් ‘කශෝගි අල්ලා ගැනීමට හෝ මරා දැමීමට’ සෞදියේ ඔටුන්න හිමි කුමරු අනුමත කළ බව සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදය සෞදියේ බොහෝ පිරිසකට සම්බාධක නිවේදනය කළ නමුත් කුමාරයාට මේ වනතුරු එලෙස කර නොමැති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

කෙසේ වෙතත් සෞදි අරාබිය එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් එය ඍණාත්මක, අසත්‍ය සහ පිළිගත නොහැකි බව කියා සිටිනවා.

රාජධානියේ පාලකයා වන ඔටුන්න හිමි කුමරු, මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරයක් කර නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here