Home Hit රටක සිදුවන ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවකට පාලකයා වගකිව යුතුයි – රාජ්‍ය අමාත්‍ය දිලුම්

රටක සිදුවන ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවකට පාලකයා වගකිව යුතුයි – රාජ්‍ය අමාත්‍ය දිලුම්

167
0

රටක් තුල සිදුවන ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් වගකීමට රටේ පාලකයා අනිවාර්යෙන් බැදී සිටින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ අනූව පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ කාලයේදී රට පාලනය කල පාලකයින්ටත් ප්‍රහාරයේ වගකීම දැරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද පෙරවරුවේ මහනුවර ප්‍රදේශයේ කල සංචාරයක් අතරතුර මාධ්‍යට අදහස් දක්වමින් දිලුම් අමුණුගම මහතා මේ බව සදහන් කලා.

මේ අතර ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් එල්ලවන චෝදනා පිළිබදවද මාධ්‍යවේදීන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලා.

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ එල්ලවන චෝදනා සියල්ල අසත්‍ය බව සහ කිසිදු අධිකරණයකදී රණවිරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා රජය කිසිසේත් එකග නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here