Home Hit පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ජනාධිපතිතුමාගෙන් ගැලවීමක් නෑ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ජනාධිපතිතුමාගෙන් ගැලවීමක් නෑ

414
0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ වගකිවයුතු කිසිදු පුද්ගලයෙකුට ජනාධිපතිවරයාගෙන් හෝ වත්මන් ආණ්ඩුවෙන් ගැලවීමක් නොමැති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

දැනටමත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් විශාල ප්‍රමාණයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත්, ඊට අමතරව සිදු වූ බෝම්බ පිපිරීම් හා සිද්ධීන් 08 ට අදාලව නඩු පැවරීම සඳහා අවශ්‍ ව්න උධෘතයන් නීතිපතිවරයා වෙත යොමුකර තිබෙන බවත් සරත් වීරසේකර මහතා පවසනවා.

ඒ නිස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු නොවන බවට හෝ ඊට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කරන බවට හෝ වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට චෝදනා කළ නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් හා කොමිසමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ අසහනය සම්පූර්ණයෙන් සාධාරණ බව පිළිගන්නා බවත්, මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් කාදිනල්වරයා සම්පූර්ණයෙන් පෙනී සිටීම සාධාරණ බවත් ඇමතිවරයා පවසනවා. කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ පිටපතක් කාදිනල්වරයා වෙත ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් සරත් වීරසේකර මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here