යුද සමයේදී උතුරු-නැගෙනහිර අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් හමු වී සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම්ව සිටින බව ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පත වාර්තා කරනවා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා උපුටා දක්වමින් හින්දු පුවත්පත මේ බව සඳහන් කරයි.
විදේශ ලේකම්වරයා පවසා තිබෙන්නේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීම ජනාධිපතිවරයාගේ අරමුණ බවයි. ඒ සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් හමු වී සාකච්ඡා කළයුතු බව විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
තම ඥාතීන්ට සිදු වූයේ කුමක්ද යන්න හෙලිදරව් කරන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් වසර 04 කට වැඩි කාලයක් තිස්සේ විවිධ විරෝධතා සිදු කරමින් සිටියි.