Home Hit “හිටපු ජනාධිපති පත්කළ කොමිසමක් ශ්‍රීලනිප ප්‍රතික්ෂේප කිරීම හාස්‍යයක්” – ඇමති ප්‍රසන්න

“හිටපු ජනාධිපති පත්කළ කොමිසමක් ශ්‍රීලනිප ප්‍රතික්ෂේප කිරීම හාස්‍යයක්” – ඇමති ප්‍රසන්න

157
0

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශණයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කොමිසම සකස් කල වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කිරීම හාස්‍යජනක කරුණක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙනවා.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමෙහි අන්තර්ගත කරුණු වසන් කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

බැලූ බැල්මට මෙම වාර්තාවේ ප්‍රහාරය සඳහා වගකිවයුතු අය සම්බන්දයෙන් සටහන් නොවන බවත් යම් කරුණු සැඟවීමට උත්සහ දරා ඇතැයි සැකයක් මතුවන බවත් පැවසු අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අධ්‍යනයකින් අනතුරුව ජනාධිපතිට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here