අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ එකක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඊයේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මඟින් දැනගතයුතු ප්‍රධානම කරුණ දැනගැනීමට එම වාර්තාවෙන් හැකියාවක් ලැබී නොමැති බව අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියා.