Home Hit වී දුන්නත් නැතත් පොහොර සහනාධාරයට බලපෑමක් කරන්නෙ නෑ නෑ

වී දුන්නත් නැතත් පොහොර සහනාධාරයට බලපෑමක් කරන්නෙ නෑ නෑ

118
0

රජයට වී ලබාදෙන ලෙස කිසිදු ගොවියෙකුට බලපෑමක් නොකරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හෙක්ටයාරයකට වැඩි, පොහොර සහනාධාරය ලබන ගොවියන් රජයට වී දියයුතුය යන තීරණය ද ඉවත් කළ බව ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව තෙත වී රුපියල් 46 ටත්, වියළි නාඩු රුපියල් 52 ටත්, වියළි සම්බා රුපියල් 54 ටත් ඊයේ (22) මධ්‍යම රාත්‍රීයේ සිට මිලදී ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කුමණ මිලක් යටතේ වී මිලදී ගත්ත ද නාඩු සහල් කිලෝවක් රුපියල් 97 ටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 99 ටත් පාලන මිලට විකිණිය යුතු බවද සතොස හා සමූපකාර හරහා රජය එම මිලට සහල් ලබාදෙන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“හෙට වෙළෙඳපොළ වී මිල රුපියල් 55 උනොත් වී අලෙවි මණ්ඩලයත් 55 ට ගන්නවා. හැබැයි වී කීයට ගත්තත් නාඩු හාල් කිලෝ 1ක් රුපියල් 97 ටත් සම්බා හාල් කිලෝ 1ක් රුපියල් 99ක් කියන පාලන මිලට වැඩියෙන් කිසිවෙකුට විකුණන්න බෑ. මේ මිලට රජය එළෙබෙන අලුත් අවුරුද්දට හාල් දෙනවා. ගොවීන්ට දෙන්න පුළුවන් උපරිම මිල අපි දෙනවා. මහ පරිමාන වී මෝල් හිමියන් හැමදාම කළේ 80% ක් ගොවියාගේ අස්වැන්න අඩුමිලට අරගෙන අවසන් මොහොතේ රු. 60ක් 70ක් කරන එක.

ඊට පස්සේ හාල් රුපියල් 125 ට දෙන්න ඕනේ කියලා රජයට බලපෑම් කරන එක. ඒ නිසා අපි ලෑස්තියි පෞද්ගලික අංශය හා තරඟකාරී මිලට වී ගන්න. අපි විශ්වාස කරනවා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ත් 5ත්  අතර ප්‍රමාණයක් ඊටත් වඩා ගොවි ජනතාව නව වැඩපිළිවෙල එක්ක රජයට වී ලබාදෙන බව. ඒ අනුව වෙළෙඳපොළ හාල් මිල තීරණය කිරීමේ බලය ශක්තිය මේ තුළින් රජය සතු කරගන්නවා. වී දුන්නත් නැතත් පොහොර සහනාධාරයට කිසිදු ගොවියෙකුට බලපෑමක් නෑ. අපි ලෑස්තියි වී සහ සහල් මිල පාලනය කිරීමේ බලය රජය සතු කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here