Home Hit ‘හෙට මම මගේ අධ්‍යාපන සුදුසුකම් දෙනවා – ලන්සාටත් දෙන්න කියන්න’ – හරීන්

‘හෙට මම මගේ අධ්‍යාපන සුදුසුකම් දෙනවා – ලන්සාටත් දෙන්න කියන්න’ – හරීන්

623
0

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාව අද (23) පාර්ලිමේන්තුවට ලබා දෙන බව ප්‍රකාශ කළද එය ලබා නොදීම මෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාර වාර්තාව අධ්‍යනයට පත් කළ ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරුන්ගෙන් යුත් කමිටුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් අය ද සිටින බවත් එම කමිටුව අගරදගුරු හිමිපාණන් විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් ඇතිවිය.

එහිදී මන්ත්‍රීවරයා විසින් අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත් අය සභාවට දැනුම් දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

එහිදී නැගී සිටි ලංසා රාජ්‍ය අමාත්‍යවරයා, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් බවත් ඔහු අධ්‍යාපනය ලැබූ පාසලෙන් එය තහවුරු කරගත හැකි බව සඳහන් කළ අතර ඊට ප්‍රති පිළිතුරු දෙමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් හෙට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ලංසා රාජ්‍ය අමාත්‍යවරයාටද ඔහුගේ සුදුසුකම් ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන ලදී.

ඉන් නොනැවතුණු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඒකල ප්‍රදේශයේදී කාන්තාවකගෙන් සෙරප්පු පාරක් කෑ රාජ්‍ය අමාත්‍යවරයෙකු පිළිබඳවද හෙළිදරව් කරන ලද අටහර එය පාර්ලිමේන්තුවට ලැජ්ජාවක් බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here