කර්මාන්ත අමාත්යංශය දැනට පවත්වාගෙන යන භූමිය අක්කර 01 පර්චස් 07කි.
එහි වත්මන් වටිනාකම රුපියල් බිලියන 2.32ක් ලෙසට තක්සෙරු කර ඇති බැවින් ඉහළ වාණිජ වටිනාකමක් ඇති මෙම භූමිය ‘ ආර්ථික වශයෙන් වඩාත් ඵලදායී කටයුත්තකට’ යෙදවීමට රජය විසින් තීරණය කර ඇත,
එබැවින්, එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා කර්මාන්ත අමාත්යංශය වෙනත් ස්ථානයකට ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
