Home Environment සනත් නිශාන්ත සිටවූ පැළ 1000කට හදි කල තුනක් අල්ලයි..!(PHOTOS)

සනත් නිශාන්ත සිටවූ පැළ 1000කට හදි කල තුනක් අල්ලයි..!(PHOTOS)

349
0

ලෝක තෙත් බිම් සැමරුම් දිනය වෙනුවෙන් පැවති ජාතික උත්සවයේදී ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළ රෝපනය කරන ලද කඩොලාන පැල 1000 කට ආසන්න ප්‍රමාණයක් ගලවා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

23 වැනිදා අළුයම 1.00 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ආනවිළුන්දාව රැම්සා අභය භූමිය බාරව සිටින වන ජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එල්.පී.බුද්ධික උපනන්ද යන අය විසින් පසුගිය 22 වැනිදා සවස ආරච්චිකට්ටුව පොලීසිය වෙත මෙම පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව – මුතුපන්තිය පදිංචි 03 කුවය.

ඔවුන් ධීවරයින් බවට හදුනා ගෙන ඇත.

ලෝක තෙත් බිම් සැමරුම් උත්සවය පසුගිය 02 වැනිදා වන ජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්,රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා සහ පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ආනවිළුන්දාව රම්සා අභය භූමියේදී පවත්වන ලදි.

වන ජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙන්ම පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

තෙත් බිම් පිළිබදව වන ජාත්‍යන්තර සම්මුතිය (රම්සා සම්මුතිය) යටතේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත් බිමක් ලෙස ආනවිළුන්දාව අභය භූමිය 2001 අගෝස්තු මස 03 වැනි දින ප්‍රකාශයට පත් කර ඇත.

හෙක්ටයාර් 1397 ක විශාලත්වයකින් යුත් මෙම අභය භූමිය සහිත කලාපයට වැව් පහක්ද අයත් වේ.

ආනවිළුන්දාව අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමට පෙර එම ප්‍රදේශයේ එක්තරා කොටසක ඉස්සන් ගොවිපල රැසක් පවත්වා ගෙන ගොස් ඇත.

අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම ඉස්සන් ගොවිපල පවත්වා ගෙන යම අතහැර දමා ඇත.

ඒ අනුව අතහැර දමා ඇති ඉස්සන් කොටු රැසක් අභය භූමිය සහිත කලාපයට අයත් වී ඇත.

එසේ අතහැර දමා ඇති ඉස්සන් කොටු සහිත භූමියක් තුළ නැවත කඩොලාන පැල රෝපනය කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි.

එම වැඩ සටහනට අනුව ලෝක තෙත් බිම් දින ජාතික උත්සවය මෙවර ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළදී සිදු කරන ලදි.

එම අවස්ථාවේදී රාජ්‍ය ඇමතිවරුන් සහ නිලධාරීන්ද,පාසල් දරුවන්ද එම භූමිය තුළ කඩොලාන පැල රෝපනය කරන ලදි.

පසුගිය 19 වැනිදා තමන් රම්සා අභය භූමියේ අළුතින් කඩොලාන පැල රෝපනය කරන ලද ප්‍රදේශයට ගිය බවත්,තෙත් බිම් දිනයදා රෝපනය කළ පැල එදිනද දක්නට තිබූ බව වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව්.එල්.පී.බුද්ධික උපනන්ද යන අය විසින් ආරච්චිකට්ටුව පොලීසිය හමුවේ කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

නැවත 22 වැනිදා තමන් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ පැල ගලවා ඇති ආකාරයක් දක්නට ලැබුණු බවත්,ඒ අනුව 20 හෝ 21 දින පැල ගලවා දැමීම සිදු කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයිද ඔහු පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

ගලවා දමා තිබූ කඩොලාන පැල අතරින් මිය ගොස් නොතිබුණු පැල නැවත සිටුවූමට වන ජීවී නිලධාරීන් කටයුතු කර ඇත.

කව්රුන් විසින් මෙම පැල ගලවා දැමීම සිදු කලාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.

ලෝක තෙත් බිම් දිනය පසුගිය 02 වැනිදා ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළ පවත්වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාවයක නිරත විය.

කඩොලාන පැල රෝපනය කිරීම සදහා තෝරා ගෙන ඇති භූමිය තුළ තමන්ට පදිංචි වීමට අවසර ලබා දෙන ලෙස ඔවුන් උත්සවයට පැමිණ සිටි දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ හලාවත ආසන සංවිධායකවරයාද එම විරෝධතාකරුවන් අතර සිටීම විශේෂත්වයක් විය.

May be an image of tree and body of water
May be an image of body of water
May be an image of body of water

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here