ආරච්චිකට්ටුව ආනවිළුන්දාව රැම්සා තෙත්බිම් රක්ෂිතයේ කඩොලාන ශාක විනාශ කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුව පොලීසිය විසින් ඊයේ (22) දින අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකර තිබූ විනාශයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සැකකරුවන් අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, වනාන්තර විනාශ කිරීම් සහ පරිසරය දූෂණය කිරීම් පිළිබඳව පොලීසිය විසින් ක්ෂණික වැටලීම් සිදුකිරීමට තීරණයකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් පොලීසිය වෙත තොරතුරු සැපයීමට 1997 අංකය ඔස්සේ මහජනතාවට ද හැකි බව ඔහු සඳහන් කර සිටියි.