Home Cricket “ලේසී නැහැ, දැන් මට 50ක්, උපරිම ට්‍රයි කරනවා” – සනත් නැවතත් පිත්ත...

“ලේසී නැහැ, දැන් මට 50ක්, උපරිම ට්‍රයි කරනවා” – සනත් නැවතත් පිත්ත අතට ගනී

465
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු සහ නායකයකු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා ‘මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-විස්ස තරගාවලිය’ සඳහා සහභාගි වීමට මේ දිනවල පුහුණුවීම්වල නිරත වනවා.

සනත් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම තිලකරන්ත ඩිල්ෂාන් විසින් සිදු කරනු ලබනවා.

රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ෂාන් දෙදෙනායි.

“ලෙහෙසි නෑ. දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි. හැබැයි ට්‍රයි එකක් දෙනවා. මගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ කරන්න. ”යැයි BRC පිටියේදි පුහුණුවීම් කටයුතු වල නිරත වන සනත් පවසනවා.

මෙම තරඟාවලිය සඳහා පෙර පුහුණුවීම් ආරම්භ කරමින් මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද සමඟ දැක්වු අදහස් පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here