Home Hit කොවිඩ් මරණ භූමදානයට පාකිස්තානු අගමැතිගේ සහාය පතයි

කොවිඩ් මරණ භූමදානයට පාකිස්තානු අගමැතිගේ සහාය පතයි

248
0

ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් 15 දෙනකු ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාර දී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.

ආණ්ඩු පක්ෂ පක්ෂ – විපක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊට අත්සන් කර ඇති අතර ලිපිය පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දුන් බව එම පුවත්පත කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසා ඇත.

කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නතර කරමින් භූමදානයට ඉඩ ලබාදීමට රජයට කරුණු දක්වන ලෙසට පාකිස්තාන අගමැතිවරයාට බල කිරීම මෙම හමුවේ අරමුණ වී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here