Home Hit මාතර ත්‍රීරෝදරථ රියැදුරෙක් පිරිමි දරුවෙක් බිහිකරයි

මාතර ත්‍රීරෝදරථ රියැදුරෙක් පිරිමි දරුවෙක් බිහිකරයි

1343
0

පිරිමි පුද්ගලයෙක් පිරිමි දරුවෙකු බිහි කළ පුදුම සහගත පුවත ඇසීමෙන් පසුව විශාල පිරිසක් මාතර රෝහල වෙත පැමිණ ඇතැයි ‘Daily Mirror’ පුවත්පත වාර්තා කරනවා.

රැවුල වවාගත් මෙම පුද්ගලයා මාතරට මායිම්ව පිහිටි ගමක පදිංචිකරුවෙකු බව පැවසේ.

රෝගියා ලියාපදිංචි කිරීමේ ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව, ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරයා මුලින් රෝගියා පිරිමි වාට්ටුවකට යොමු කර ඇතත් ඔහු ප්‍රසූත වේදනාවෙන් පෙළෙන නිසා පසුව ඔහුව වෙනත් වෛද්‍යවරයකු විසින් මාතෘ වාට්ටුවට මාරු කර යවා ඇත. එහිදී ඔහු පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇත. අලුත උපන් බිළිඳාට මව්කිරි දීමට රෝහල් කාර්ය මණ්ඩලය විසින් පසුව කටයුතු සම්පාදනය කරන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අදාළ රෝගියාගේ ජාතික හැඳුනුම්පතේ ඔහු පිරිමියෙකු බව සඳහන් බවත් ඔහුගේ ගමන් මල්ල පිරිමින්ගේ ඇඳුම් වලින් පිරී ඇති බවත්ය. රෝගියා ත්‍රීරෝදරථ රියදුරෙකු බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here