ඉන්ධන හෝ ගෑස් මිළ ඉහළ දැමීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.
ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගා තිබූ පැනයකට පිළිතුරු ලබා දෙමින්
එමෙන්ම අගමැතිවරයා මානසික වෛද්‍යවරයකුගේ කාර්ය නොකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කලා.
එහෙත් අග්‍රාමාත්‍යවරයා ඒ කාර්යය පටන් ගත්තොත් එය ආරම්භ කරන්නේ විපක්ෂය පැත්තෙන් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇඹිලිපිටියේ පැත්තේ ඔය කාරණා නිර්ණය කිරීමට පැමිණෙන්නේ නැති බව ද සදහන් කරනවා.
ගම්මන්පිල අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේ ඉන්දියාව සතුව තිබෙන ත්‍රිකුණාමලේ තෙල් ටැංකි පවරා ගැනීම සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිස්සු ප්‍රකාශයක් ලෙස අග්‍රාමාත්‍යවරයා හුවා දැක්වීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසය.