Home Hit ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට සිය ගුවන් සීමාව හරහා ශ්‍රී ලංකාවට යාමට ඉන්දියාවේ...

ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට සිය ගුවන් සීමාව හරහා ශ්‍රී ලංකාවට යාමට ඉන්දියාවේ අවසර

589
0

පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දියානු ගුවන් අවකාශය භාවිතා කිරීමට ඉන්දියාව අවසර දී ඇති බව තොරතුරු ආරංචි මාර්ග සඳහන් කරන බව Hindustan Times වෙබ් අඩවිය සඳහන් කරනවා

ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ කරනු ලබන සිය මංගල සංචාරය සඳහා පෙබරවාරි 23 වනදා පැමිණීමට නියමිතය.

කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් යැයි පවසමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපදයට සහ සෞදි අරාබියට යන ගුවන් ගමන් සඳහා 2019 දී පාකිස්තානය සිය ගුවන් අවකාශය විවෘත කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ දූත පිරිස රැගත් ගුවන් යානය අද පස්වරු 04.15ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here