Home Environment වනාන්තර සියල්ල විනාශ කරලා පැළ සිටුවන මොන්ටිසෝරි වැඩ කරන්න එපා..!

වනාන්තර සියල්ල විනාශ කරලා පැළ සිටුවන මොන්ටිසෝරි වැඩ කරන්න එපා..!

247
0

මෙරට පරිසරය සාහසික ලෙස සමූල ඝාතනය වන බව පාහිංයංගල ආනන්ද සාගර හිමියන් පවසයි

මෙරට සෑම ප්‍රදේශයකම සිදුවන මෙම විනාශයන්ට වග කිව යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව බවට ජනාධිපතිවරයා විසින් පවසමින් සිටින නමුත් එම ආයතන වල සහයෝගය නැති කළේ ආණ්ඩුව විසින් බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

“පරිසර අමාත්‍යංශය ආයතන 5කට විතර කැඩුවා. මෙහෙම කඩලා, කඩලා ජනාධිපතිතුමා කියනවා මේවල ඒකමතික තත්වයක් නෑ සම්බන්ධීකරණයක් නෑ කියලා. ඒ නිසා ඒ වගේ විහිළු කතා කියන්න එපා කියලා අපි බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”

දැවැන්ත පාරිසරික විනාශයක් සිදු කිරීමෙන් පසු පැළ සිටුවීමේ මහා උත්සව පැවැත්වීමේ ‘මොන්ටිසෝරි වැඩ’ සිදු නොකර වන වැස්ම ආරක්ෂා කරන මෙන් උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here