මෙරට කොරෝනා හේතුවෙන් මියගිය ගණන 450 සීමාවට පැමිණ තිබෙනවා.
ඒ ඊයේ දිනයේ වාර්තා වූ මරණ 5ත් සමඟයි

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 518 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගනු ලැබුවා.
ඒ අනුව දිවුලපිටිය – පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 76, 413 ක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 80,517 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 4957 ක්.
මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 75,110 දක්වා ඉහළ ගියා.
මේ අතර ඊයේ දිනයේදී මෙරට තවත් 15,583 දෙනෙකුට කොවිඩ් එන්නත දී තිබුණා.
ඒ අනුව මේ දක්වා මෙරටදී එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 54,352 දක්වා ඉහළ යනු ඇති.