එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.
මේ අනුව, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේදීයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය කොරෝනා ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනවා.
මානව හිමිකම් සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කළ වාර්තාව පදනම් කර ගෙන මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වූ රටවල් 06 ප්‍රකාශ කර තිබෙනවා.
එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන එම රටවල් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කළේ ජගත් මානව හිමිකම් කොමිසම තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සළකා බැලීම වැදගත් බවයි.
මීට පෙර ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවට පසුගිය රජය සමයේ සම සත්කාරකත්වය දැක්වූ අතර, වත්මන් රජය විසින් පසුගිය වසරේ එම සත්කාරකත්වය ඉවත් කර ගනු ලැබුවා.
මේ අතර, ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබා දෙන්නැයි ඉල්ලා ලක් රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ ලිපියක් ද යොමුකර තිබුණා.