නව ප්රභේදයන් හමුවේ ඉන්දියාව තුල එන්නත්කරණයේ ඵලදායීතාව දැඩි ගැටළුවකට මුහුණ දී ඇති බව ඉන්දීය වෛද්‍ය රන්දීප් ගුලේරියා මහතා ඊයේ (20) එන්ඩීටීවී වෙත පවසන ලදි.
මහාරාෂ්ට්‍රයෙන් හමු වූ නව ඉන්දියානු ප්රභේදයන් වේගයෙන් සම්ප්‍රේෂණය වන අතර වඩාත් භයානක විය හැකි බව ඔහු පවසයි. එමෙන්ම, නව ප්රභේදයන්ට වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවා ඇති පුද්ගලයින් තුළ පවා නැවත ආසාදන ඇති කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
ඉන්දියාවේ නව වෛරස් ප්රභේදයන් 240 ක් මතු වී ඇති අතර, ඒ හරහා පසුගිය සතියේ සිට නව පොකුරු දක්නට ලැබෙන බව මහාරාෂ්ට්‍රයේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජික වෛද්‍ය ෂාෂාන්ක් ජෝෂි එන්ඩීටීවී වෙත පවසයි.
මහාරාෂ්ට්රයට අමතරව කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චට්ටිස්ගාර් සහ පන්ජාබ් යන තවත් ප්‍රාන්ත හතරක ආසාදිතයින් සංඛ්‍යාත්මකව ඉහළ ගොස් තිබේ.
ඉන්දීය රජයේ එන්නත් කිරීමේ සැලැස්මේ සාර්ථකත්වය රඳා පවතින්නේ රටේ බහුතරයක් තුල ප්‍රතිශක්තිය ඇති කිරීම මතයි. වෛද්‍ය ගුලේරියා පවසන්නේ මෙය සාර්ථක කර ගැනීමට නොහැකිවනු ඇති බවත් ශරීරයේ නිපදවූ ප්රතිදේහයන්ගෙන් නව ප්රභේදයන්ට ගැලවී යා හැකි බවත් ය.