‘බලුකිස්ථානයේ අතුරුදහන් වූවන්ගේ හඬ’ සංවිධානය විසින් බ්රහස්පතින්දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී රටේ සුළුතර ප්රජාවන්ගේ තත්වය ඉස්මතු කරමින් උද්ඝෝෂණයක් සිදු කරන ලදි.
උද්ඝෝෂණයේදී ඔවුන් බලුකිස්තානයේ ජනතාව බලහත්කාරයෙන් පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම සහ හිරිහැර කිරීම පිළිබඳ ගැටළු මතු කළ අතර හමුදාව විසින් නීතිවිරෝධී ලෙස පැහැරගෙන ගොස් ඇති ඔවුන්ගේ ආදරණීයයන් නැවත ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනු දක්නට ලැබිණි.
“මම බලුකිස්ථාන දියණියක්. මට දේශපාලන හෝ සමාජ සංවිධානය සමඟ කිසිදු සම්බන්ධයක් නෑ. මම බලුකිස්තානයේ සිට මෙහි පැමිණියේ කතාවක් කිරීමට නොවේ. මට කිසිම හේතුවක් නොමැතිව රටේ අගනුවරට ෙන්න ඕනෙ නෑ. ඒත්, අවාසනාවකට වගේ, මම අයත් වන්නේ කුරිරුකම් පමණක් නොව කරදරකාරී කාලයන් ද අත්දැකලා තියෙන පරම්පරාවකට. බොස්නියාව සහ පලස්තීනය ගැන ඔබ අසා ඇති. නමුත් මම බලුකිස්තානය දැක ඇත්තෙමි. ” යැයි ඉස්ලාමාබාද්හි පැවති විරෝධතාව අමතමින් එක් අයෙක් ඒඑන්අයි වෙත පවසන ලදි.