Home Hit “සාමාන්‍ය පෙළවත් පාස් නැති අයට පාස්කු ප්‍රහාරය ගැන තීන්දු ගන්න දෙන්න බෑ”...

“සාමාන්‍ය පෙළවත් පාස් නැති අයට පාස්කු ප්‍රහාරය ගැන තීන්දු ගන්න දෙන්න බෑ” – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

2388
0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව එය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කිරීම තවත් කල් මැරීමක් බවට පවසමින් අද කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබුවා.

එම ස්ථානයට පැමිණි කොළඹ අගරදගුරු හිමිපාණන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති කොමිසම බුද්ධිමත් පිරිසකගෙන් සමන්විත කමිටුවක් බවත් ඔවුන් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට ජනාධිපතිගේ උපදෙස් අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම විනිසුරු නිර්දේශ සොයා බැලීමට සාමාන්‍ය පෙළවත් සමත් නොමැති පුද්ගලයින්ට ඉඩ දිය නොහැකි බවද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කලා.

එහිදී කාදිනල් හිමිපාණන් තවදුරටත් අවධාරණය කලේ කොන්ද පණ ඇති නායකත්වයක් මේ සම්බන්ධයෙන් බලාපොරොත්තුවන බවත් ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු නොවුනහොත් ජාත්‍යන්තරයේ සහය ලබා ගන්න බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here