Home Hit ‘කුරුණෑගල නගරාධිපතිට නීතිය කි‍්‍රයාත්මක නොවීම ජාතිය මවිත කරන්නක්’

‘කුරුණෑගල නගරාධිපතිට නීතිය කි‍්‍රයාත්මක නොවීම ජාතිය මවිත කරන්නක්’

357
0

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා බිඳ දමමින් පුරාවිද්‍යා ආඥා පනතට අනුව ඇප ලබාදිය නොහැකි වරදක් සිදුකර ඇති කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් මේ වන තුරු නීතිය කි‍්‍රයාත්මක නොවීම ජාතිය මුහුණ දුන් විශාලතම අවාසනාව බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න මහතාඊයේ (19) ‘දිවයින’ පුවත්පත සමඟ සඳහන් කර තිබෙනවා.

අදාළ සිද්ධියට නගරාධිපතිවරයා වරද පිළිගෙන තිබීමත් ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුව පැමිණිලි හතරක් සහ තමාද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීමත් නිසා පොලිස් පොතේ මේ වන විට කුරුණෑගල රාජ සභාව කඩා බිඳ දැමීමට අදාළ පැමිණිලි 5 ක් සඳහන්ව ඇති නිසා සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වෙනත් කිසිදු බාධාවක් නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව අගමැතිවරයා විසින් කුරුණෑගල රාජ සභාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශද මේ වන විටත් නිකුත් කර ඇති නිසා එහි සඳහන් ආකාරයට සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමත්, අදාළ විනාශය වෙනුවෙන් වන්දි ලබා ගැනීමත් ඕනෑම මොහොතක කළ හැකි වුවත් මෙතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ඒ වෙනුවෙන් ගෙන නොමැත්තේ රාජ්‍ය බලය යම් ඉහළම දේශපාලන හස්තයන්ගේ ආශිර්වාදය නිසාවෙන් දැයි ප‍්‍රශ්න කර සිටීමට කැමති බවද කරුණාරත්න මහතා පැවසීය.

පුරාවිද්‍යා බිමක කුඩා ප‍්‍රමාණයේ වළක් හෝ හෑරීමට කිසිදු නීතිමය අනුකූලතාවක් නොමැති බව සඳහන්ව තිබියදී රාජ සභාව වැනි පෞරාණික, මිල කළ නොහැකි වස්තුවකට මෙතරම් හානි කළ පුද්ගලයන් මේ මොහොතේත් නිදැල්ලේ සිටියත් වරදක තරම නොදැන සීගිරියේ කුරුටු ගී කුරුටු ගෑ දමිළ තරුණියට සහ පිදුරංගලදී

පස්සභාගය පෙන්වමින් කොළුකමට හැසිරුණු තරුණයන්ට දුන් දඬුවම් හා සැසඳීමේදී කුරුණෑගල රාජ සභාව බිම හෙළුෑවන් මේ මොහොතේ සිරේ විලංගුලා නොසිටීම ජාතිය මවිත කරන්නක් වී හමාර යැයි ද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here