නීතිවිරෝධි ලෙස සිදු කරන ගස් කැපීම්, වැලි කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ පරිසර හානි සම්බන්ධයෙන් තොරතුරු 1997 ක්ෂණික දුරකතන අංකයට ලබා දෙන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම දුරකනත අංකයට තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බවත් එකී තොරතුරුවල රහස්‍ය භාවය උපරිම අයුරින් ආරක්ෂා කරමින් විශේෂ කණ්ඩායම් මගින් විමර්ශන කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරයි.
ලැබෙන තොරතුරු කඩිනමින් විමර්ශනය කර වැටලීම් කිරීම සඳහා පොලිස් පාරිසරික කොට්ඨාසය යටතේ විශේෂ වැටලීම් ඒකක දිවයින පුරා ස්ථාපිත කර තිබේ