Home Hit පොලීසි 6කින් TNA මන්ත්‍රී රාසමානික්කම් සොයා යයි

පොලීසි 6කින් TNA මන්ත්‍රී රාසමානික්කම් සොයා යයි

483
0

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු මන්ත්‍රීවරයා වන ශානක්‍ය රාසමානික්කම් මහතා සොයා ඊයේ (19) දිනයේදී පොලිස් ස්ථාන 6ක නිලධාරීන් ඒ මහතාගේ කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව මුතූර්, කාත්තන්කුඩි, කිලිනොච්චි, මාන්කුලම්, වාලච්චේන සහ සමන්තුරේ යන පොලිස් ස්ථානවල නිලධාරීන් මෙසේ මන්ත්‍රීවරයාගේ කාර්යාලයට පැමිණ ඒ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පසුගියදා මඩකලපුවේ සිට යාපනය දක්වා සිදුකළ පාගමන සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ගෙන ඇති බව දැනගන්නට ඇත.

මන්ත්‍රීවරයා මෙහිදී දැනුම් දී ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙසේ පාගමනේ නිරත වූ බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here