Home Business වාහන ආනයන සීමා දැන්ම ලිහිල් කරන්න බෑ – මහ බැංකු අධිපති

වාහන ආනයන සීමා දැන්ම ලිහිල් කරන්න බෑ – මහ බැංකු අධිපති

718
0

රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා දැනට පවතින සීමා ලිහිල් කිරීමට තවමත් හැකියාවක් නැතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා කොළඹ මහ බැංකු මූලස්ථානයේ දී ඊයේ (12) උදේ පැවැති මාධ්‍ය හමුව අමතමින් කීවේය.

එසේ ආනයන සීමා ලිහිල් කිරීමට තරම් ප‍්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ තත්ත්වය හැඩගැසී නොමැති බව ද මහ බැංකු අධිපතිවරයා ඊයේ මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීය. මේ නිසා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ බව දිවයින වාර්තා කරනවා

මේ හමුවේ ඇතැම් හිඟයන් ඇති විය හැකි නමුත් මේ අවස්ථාවේ ආනයන පාලනයන් ලිහිල් කළහොත් නැවතත් ගෙවුම් ශේෂය පරණ තිබුණ තත්ත්වයට පත්වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

යම් කිසි දුක්විඳීමකින් තොරව සතුටුදායක, සැපදායක තත්ත්වයකට පැමිණීමට අපහසු බව ද, එහෙම අවස්ථා ඉඳලා හිටලා පැමිණිය හැකි බව ද සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා කීවේ මෙහිදී මහජනයාගේ අවබෝධය සහ ආධාරය අවශ්‍ය වන බවයි.

ආර්ථික ප‍්‍රතිපත්ති වශයෙන් වඩා බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රමයක් අනුගනය කරගෙන යන බැවින් ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි ද එසේ සිතීමට සාධාරණ හේතු තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මේ අනුව 2020 වසරේ ඍණ සියයට 3.9 ක සිට මේ වසරේ (2021) සියයට 5.5ත් සියයට 6.0 ත් අතර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ආර්ථිකය පිළිබඳව සර්ව අසුබවාදී අදහස් ඉදිරිපත්ව ඇති බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here