Home Hit දැන් Players ලා තමන් ගැන විතරයි හිතන්නේ – කණ්ඩායම් හැඟීම නෑ ...

දැන් Players ලා තමන් ගැන විතරයි හිතන්නේ – කණ්ඩායම් හැඟීම නෑ – සනත්

204
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම සුපිරි ආරම්භක පිතිකරුවෙකු වන සනත් ජයසූරිය මහතා ඊයේ (26) දිනයේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ අද වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති තැන ගැන කණගාටුව වන බවයි.

එහිදී සනත් ජයසූරිය මහතා කියා සිටියේ ඉන්න හිටින්නවත් තැනක් නොමැතිව කැපවීම් කර රට නියෝජන කරමින් රටත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවත් ඉහළට ගැනීමට උත්සාහ කළ බවත් ක්‍රිකට් ආයතනය මඟින් ගෙවන ලද මුදලට අදාලව රට වෙනුවෙන් යමක් කල බවයි

එසේ කැප කිරීම් කර තිබිය දී ක්‍රිකට් වැටී තිබෙන තැන පිළිබඳව කණගාටු වන බවද ඒ මහතා සඳහන් කළේය.

“මේක පොඩි පොඩි පැලැස්තර ඇලවීම මඟින්, පොඩි පොඩි තැන්වලින් එහාට මෙහාට දාලා ඉත්තෝ අදිනවා වගේ එහෙන් මෙහෙන් ඇදලා ඕක කරන්න හම්බ වෙන්නේ නැහැ..” යැයිද සඳහන් කළ සනත් ජයසුරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ “මේක සම්පුර්ණයෙන්ම හිතන විදිහයි, එයාලා කල්පනා කරන විදිහයි වෙනස් කරලා හොඳ විනයක් ඇතුව වැඩ කරන්න පටන් ගත්තොත් මං හිතනවා මේක හදාගන්න පුළුවන් වෙයි” යනුවෙන්ද පවසා සිටියේය.

තවමත් මෙම ක්‍රියාව කිරීමට ප්‍රමාද වී නොමැති බවත්, අපේ ක්‍රීඩකයන් තවමත් සිටින බවත් මෙය නිවැරැදිව හදාගත යුතු බවද ඔහු සඳහන් කළේය. මෙය හදා ගැනීම සඳහා සියලු දෙනා එකතු විය යුතු බවද ජයසූරිය මහතා සඳහන් කළේය.

පැලැස්තර ඇලවීම නොකර අලුත්ම විදිහකට හිතා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් සදා ගත යුතු බවද සනත් ජයසූරිය මහතා පැවසීය.

ඔහු දැක්වූ අදහස් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here