Home Hit ඉතාලි අගමැති කොන්ටේ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති කොන්ටේ ධුරයෙන් ඉල්ලා අස්වෙයි

212
0

ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ කොරෝනා අර්බුදය හමුවේ ඉතාලි රජය, රාජ්‍ය මුදල් පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ඉතාලි රජයට විවේචන එල්ලවන පසුබිමකදීයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුට නව සභාග රජයක් පිහිටුවීමට හා නායකත්වය දීමට හැකි වේද යන්න පැහැදිලි නෙමැති බවයි

ඒ අතර ඉතාලි ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා අද (27දා) පස්වරුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා ආරම්භ කරන බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. සාකච්ඡා දිගටම පවතින බැවින් භාරකාරත්වයෙන් යුතුව කටයුතු කරන ලෙස කොන්ටේට දැනුම් දී තිබේ.

නව පරිපාලනයක් එක්රැස් කිරීම සඳහා අවශ්‍ය පිටුබලය ලබා ගැනීමට කොන්ටේට හැකි යැයි ඔහු සිතන්නේ නම්, සාකච්ඡාවන් අවසන් කර නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා ඔහුට දින කිහිපයක් ලබාදෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here