කොරෝනා වෛරසය ආසාදනය වුවද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්ට සිය නිවෙස් තුළදීම නිරෝධායනය වීමට අවස්ථාව ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ජා කළ බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරන ලදි.
කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වන ඇමැති දයාසිරි ජයසේකර ද සුවය ලබා නිවසට යෑමෙන් පසුව මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරනු ලැබිණි. එසේම සංකූලතා නොපෙන්වන ආසාදිතයන් ස`දහා පහසුකම් තිබේ නම් නිවෙස් තුළම නිරෝධායනයට ඉඩ ලබා දෙන ලෙස රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා ද රජයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.